මට හැමදාම යාලුවගේ 4න් එක ඉල්ලගෙන msg කරන්න බෑනේ. ඉතිං මං ගෙදරට අඩලා අඩලා ගොඩක් අමාරුවෙන් 4න් එකක් ගත්තා. ඒ මගේ කෙල්ලට msg කරන්න. ඊට පස්සේ මට යාලුවගේ 4න් එක ඕනා උනේ නෑ. මං දැනන් හිටියෙ නෑ එයාට ඒකත් පශ්නයක් වෙයි කියලා.
කොහොම හරි ඔහොම ඔහෝම කාලේ ගියා. මං මගේ ග්ර්ල් එක්ක ගොඩක් සතුටෙන් හිටියා. මං එයාට ගොඩක් ආදරේ කලා. දුක සතුට බෙදාගත්තා. මං එයා අඩනවට පාඩ්ඩක්වත් කැමති නෑ. එයා අඩනවා මට බලන්නත් බෑ. එයත් මට ගොඩක් ආදරේ කලාග අපි ගොඩක් දවස් වලට මීට් උනා. ගොඩක් සතුටින් හිටියේ. මං හුගක් ආස කලා එයා ලගට වෙලා ඉන්න. හරි හුරතල්. දෙන්නා ලං උනාම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.
ඔහොම ඉන්නකොට මගේ යාලුවා ආයේ මගේ කෙල්ලට කරදරයක් වෙන්න ගත්තා. ආයේ මගේ ග්ර්ල්ට ආදරෙයි කිය කිය msg එවන්න ගත්තා. මං මගේ ග්ර්ල්ට කිවුවා ආයෙ එයාට msg කරන්න එපා කියලා. යා ආයෙ එයාට msg කලේ නෑ ඒත මගේ යාලුවා ඒකටත් මගෙත් එක්ක වෛර බැදගත්තා. මොනා උනත් එයා තමයි අපි දෙන්නව ලං කලේ. ඒ දේ අපිට අමතක කරන්න බෑ. ඒ නිසා මං කෙලින්ම උගෙන් ඇහුවා උබට ඕනා අපිව වෙන් කරන්නද. එහෙම ඕනා නම් ඒක කෙලින්ම මට කියපන්ග අච්චර කාලයක් එකිත් එක්ක උබ msg කලා. ඒ කාලේ උබට ඒකිට ලවු කරන්න තිබුනනේ. මං එහෙම ඇහුවා. එතකොට ඌ කියනවා ඒ කාලේ මට එහෙම දෙයක් දැනුනේ නෑ කි දැං msg නොකරනකොටයි මට දැනුනෙ මං එකිට ආදරේ කරනවා කියලා. ඔන්න ඔහොම කියවන්න ගත්තා.
පස්සේ මං කිවුවා හරි උබට එකිව ඕනනේ මං මේ සම්බන්දෙ නවත්තනවා උබ ඒකිව දාගනින් කියලා. එතකොට ඌ එපා කියනවා. මං කිවුවා එහෙනම් උබ ඒකිට වදයක් වෙන් නැතුව හිටපන් මං කැමති නෑ ඒකි අඩනවට. ඒ නිසා ප්ලීස් ඒකිට msg කරන එක නවත්තපන් කියලා.
ඌ ඒක ඇහුවා එදායින් පස්සේ msg කලේ නෑ. ඔහාම ආයෙ හොදින් කාලේ ගියා. අපේ විභාගත් ආවා. ඒකත් 2නා එක්ක කලා. විභාගේ ඉවර උනාට පස්සේ ඌ ගෙදර ගියා. ඊට පස්සේ කිසිම කරදරයක් තිබුනේ නෑ අපිට. අපි හොදින් හිටියා.
ඔය අතරේ මගේ යාලුවගේ උපන්දිනේ ආවා. ඒකේ පාර්ටි එකට මාත් ගියා. යාලුවගේ අම්මා කිවුවා අද රෑට එහෙ නැවතිලා උදේ යන්න කියලා. මං කවදාවත් එහෙම තනියෙම කොහෙවත් නැවතිලා තිබුනේ නෑ. මං කිවුවා ඇන්ටිට ඇනටී අපේ අම්මගෙන් අහලා බලන්න කියලා. ඇනටිත් අම්මගෙන් අහලා අවසරේ ගත්තා.ඉතිං එදා රෑ එහේ නැවතුනා. යාලුවගේ ගෙවල් ලගත් ඉන්නවා කල්ලෙක්ගකට්ට කලු කැත නංගි කෙනෙක්. ඒ නංගිත් ආවා පාර්ටි එකට. ඒ නංගිගේ 4න් එකේ ලස්සන msg වගයක් තිබුනා මං මගේ යාලුවට කිවුවා ඒ msg ටික මටත් එවන්න කියලා. යාලුවා ඒ නංගිගේ 4න් එක අරගෙන ඒ msg ටික මට එවුවා.
ඊට පස්සේ උදේ එලිවෙනකොටම මට msg එකක් ආව දන්නේ නැති නම්බර් එකකින් මං යාලුවට පෙන්නලා ඇහුවා කාගෙද බං මේ නම්බර් එක කියලා. යාලුවා දැක්ක ගමන් කිවුවා අර ගෙවල් ලග කෙල්ලගේ කියලා. ඉතිං මාත් ඒකට නිකමට උත්තර දුන්නා. මං එවලේ දැනන් හිටියෙ නෑ ඒ දේවල් එච්චර දුර දිග ගිහින් මගේ ජීවිතේ විනාශ කරයි කියලා.
මං ඉවසගෙන හිටියා. ඔහොම ඉන්නකොට ආයේ සාමාන්‍ය පෙල රිසල්ට් ආවාග මගේ යාලුවා පාස් වෙලා. මට ගොඩක් සතුටුයි ඒකට. ඒත් මගේ රිසල්ට් පලවෙනි පාර එකටත් වඩා ඩවුන් වෙලා. ඒත් කමක් නෑ යාලුවා පාස්නෙ කියලා හිටියා. ගෙදරින් හොදටම බැනුම් ඇහුවා. ගාඩක් බැනුම් ඇහුවා.
ආයේ ඉස්කොලේ පටන් ගත්තා. ඉස්කෝලේ යන්න ගත්තා හැමදාම. ඔහොම ආයේ කාලේ ගෙවුනා. එත් ඊට ටික දවසකට පස්සේ ඉදං මගේ ග්ර්ල් මට හරියට ආදරේ කරන් නෑ කතා කරන්නේ නෑ. ඔය විදිහට සතියක් දෙකක් ගියා. පස්සේ මං ඇහුවා ඇයි බබා ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. මෙයා මට මුකුත්ම කිවුවෙ නෑ. ඒත් මං අත ඇරියේ නෑ මට මේ දේවල් දැන ගන්නම එපැයි.
මං ආයේ ආයේ ඇහුවා මොකො කියලා. පස්සේ මෙයා මට කිවුවා මගේ යාලුවා මං ගැන වැරදි දේවල් කිවුවා මං තව කෙල්ලො පස්සේ යනවා. කෙල්ලොන්ට msg කරනවා. ඔය විදිහට පට්ට පල් බොරු කියලා මගේ ග්ර්ල්ව මගෙන් ඈත් කරන්න හදලා. ඒත් මගේ ග්ර්ල් එයාගේ පනටත් වඩා මාව විශ්වාස කරනවා. මාත්් එහෙමයි. ඒත් මගේ යාලුවා කරපු කැරි වැඩෞට මට හොදටම මල පැන්නා.
මගේ ග්ර්ල් මගෙන් වැදලා ඉල්ලුවා ඔයා එයාගෙන් ඔය දේවල් අහන්න එපා. ඕවා අහලා පශ්න දාගන්න එපා. අඩ අඩ එහෙම කිවුවා. මං කැමති නෑනේ මගේ ග්ර්ල් අඩනවට. ඉතිං මන් අහන් නෑ කියලා පොරොන්දු උනා. ඒත් මට ඒත එච්චර හිතේ තද කරගෙන ඉන්න බැරි උනා මං ඌගෙන් ඒක ඇහුවා. මට ඌට ගහන්න තරම් කේනතියි. ඒත් ඌ මගේ යාලුවා. මට බෑ ඌට ගහන්න.. ඒත් මගේ හිතේ තිබුනු තරහට හයියෙන් මං කෑගැහුවා ඉස්කෝලේ ලමයින්ටත් ඇහෙන්න. ඒත් ඌ මොකක්ද කලේ.
අච්චර කාලයක් හොදම යාලුවා කරගෙන ගෙදර නවත්වගෙන උගන්නලා. ඔක්කොම දේවල් කරපු මට ගැහුවා. මට ඒ වේදනාව අද වගේ දැනෙනවා. මං ඇඩුවා ගොඩක් ඇඩුවා. මූව මං මගේ යාලුවෙක් කරගත්තනෙ කියලා. මට ගහල මදි මේ වගේ එකෙක්ව යාලුවෙක් කරගත්තට. ඒ දිනේ මට අද වගේ මතයි එදා තමයි
09 NOVEMBER 2009
මං ඒ දේ මගේ ග්ර්ට කිවුවෙවත් නෑ එදා.මට දැනුනු දුක වේදනාව දන්නේ මං විතරයි. මං ඇයි මේ වගේ එකෙක්ව යාලුවෙක් කරගත්තේ කියලා අදටත් මට හිතෙනවා.
ඊට දවස් 4කට පස්සේ මං මගේග්ර්ල්ව මීඩ් උනා. එදා මං එයාගේ උකුලේ ඔලුව තියාගෙන අඩ අඩ එදා වච්ච දේ යාලුවා මට ගහපු දේ මං කිවුවා. එයත් ගොඩක් ඇඩුවා. ගොඩක් ඇඩුවා.
