මගේ දුක සතුට කියන්නට යාලුවක් නැති නිසා
මගේ ආදරේ ආරම්භය මෙහෙමයි මීට අවුරුදු 2කට කලින් මට හිටියා හොද යාලුවෙක්. ඇත්තටම
කියනවනම් එයා තමයි මගේ හොදම යාලුවා. අපි සාමාන්‍ය පෙල කලා ඒත් අවාසනාවකට
මම පාස් උනා එත් මගේ යාලුවා පෙfල් උනා. හ්ම්ම් එයා මගේ හොදම යාලුවා එයා නැතුව මට උසස් පෙල
කරන්න හිතක් තිබුනෙ නෑ. එදා result ආව දවසේ මං අපේ ගෙදරට යන්නත් කලින් ගියෙ මගෙ
යාලුවගේ ගෙදරට එයාගේ අම්මා අඩනවා හොදටම මට ඒක දරාගන්න බැරි උනා මං යාලුවගේ අම්මව සනසන ගමන් කුවුවෙ , "ඇන්ටි මං උසස් පෙල කරන් නෑ යාලුවා නැතිව මං එයත් එක්ක තව පාරක් විභාගේ
කරනවා එයාව ඊලග පාර කොහොම හරි පාස් කරනවා" එදා මං එහෙම හිත හදාගෙන ආයේ අනිවා මගේ යාලුවව ගොඩ දාන්න විභාගේ ආයෙ කරනවමයි කියලා හිත හදාගෙන මං ගෙදර ආවා.
මං ඒ දේ අපේ ගෙදරට කිවුවා ඒත් අපේ ගෙදරින් ඒකට කැමැත්ත ගන්න ගොඩක් අමාරු උනා. ඒත කොහොම හරි මං මගේ යාලුවා වෙනුවෙන් කැමැත්ත ගත්තා.
හ්ම්ම් ඊට පස්සේ යාලුවගේ අම්මා යාලුවත් එක්ක අපේ ගෙදර ඇවිත් එයාව අපේ ගෙදර නැවැත්තුවා මාත් එක්ක පාඩම් කරන්න. අපේ අම්මලත් ඒතට කැමති උනා. අපේ අම්මා මටත් වඩා ආදරෙන් එයාට සැලකුවා.
ඔය කාලෙදි මට hand phone එකක් තිබුනෙ නෑ. ඒත් යාලුවට තිබුනා. එයාට යාලුවො ගොඩක් හිටියා. වැඩියෙන්ම ගෑනු ලමයි. මං ඒ කාලෙදි කවමදාවත් ගෑනු ලමයෙක් එක්ක කතා කරලා තිබුනෙ නෑ. මං බයයි.
කොහොමද කතා කරන්නෙ ඒ කිසිම දෙයක් මං දැනන් හිටියෙ නෑ. ඒත් මගේ යාලුවට යන යන තැන කෙල්ලො. මටත් ආස හිතුනා. ඒත් මං බයයිනේ.
හ්ම්ම් කාහොම හරි දැන් මෝර්නින් ක්ලාස් පටන් ගත්තා. මායි යාලුවයි දෙන්නම හැමදාම ක්ලාස් ගියා
ඉගෙන ගත්ත එක තමයි කලේ. ඒත් ටික දවසක් යද්දි එක දවසක් ක්ලාස් එක ඉස්සරහා බංකුවක මාර ලස්සන ග්ර්ල් කෙනෙක් වාඩි වෙලා හිටියා. මටත් මගේ යාලුවටත් ගොඩක් හිත ගියා. දැක්ක ගමන් මං කිවුවා එයා මගේ කියලා.
ඒත් එයා අපේ ක්ලාස් එකට එන පාටක් තිබුනෙ නෑ එයා යන්න ගියා. ෂිට් අපරාදෙ කියලා දෙන්නම හිත හදාගත්තා. ඒත් ඔන්න ඔහොම සතියක් විතර ගියා. වෙනදා වගේ අපි පාඩම් වැඩ කර කර හිටියා.
මෙන්න බොලේ අපි දවසක් ක්ලාස් එකට යනකොට අර ග්ර්ල් ඉන්නවා ක්ලාස් එක ඇතුලේ බංකුවක වාඩිවෙලා. අපි දෙන්නට දෙන්නා මූන බලාගත්තා හරියට නිකන් ඉහේ මලක් පිපුනා වගේ. මාර සතුටක් දැනුනේ එදා නම්.
ඒත් මගේ දුර්වල කමක් තිබුනනේ. මට ගෑනු ලමයි එක්ක කතා කරන්න බෑ බයයි.ඒත් යාලුවට එහෙම ගැටලුවක් තිබුනෙ නෑ. කොහොමින් කොහොම හරි හිමීට යාලුව අර ග්ර්ල් එක්ක සෙට් උනා. දෙන්නා
ලවු කරන්න ගත්තා. මට හුලං. ඒත් මං දුක් උනේ නෑ යාලුවට හරි හරි ගියානෙ කියලා.
මං කිවුවනේ මට 4න් එකක් තිබුනේ නෑ ඒත් යාලුවට එකක් තිබුනා කියලා.
මගේ යාලුවටත් හිටියා හොදම යාලුවෙක් ඒ කියන්නේ ගෑණු ලමයෙක් ගැන. මගේ යාලුවගේ හොදම යාලුවා තමයි එයා. එයා කියන විදිහට ඒ ගෑණු ලමයා හරි හොදයි. එයාගේ හැමදේමත් මගේ යාලුවගේ හැමදේමත් දෙන්නට දෙන්නා කියනවා. දෙන්නා ගාව කිසිම රහසක් තිබුනේ නෑ. ඒත් දෙන්නා girl friend boy friend ඒ කියන්නේ ආදරේ කරනවා නෙමී. best friend විතරයි.
ඒ ගෑනු ලමයා ගාවත් hand 4n එකක් තියෙනවා ඉතිං දෙන්නා ඒකෙන් තමයි msg කරන්නේ. එහෙම msg කරලා තමි දෙන්නා යාලුවො වෙලා තියෙන්නෙත්.
ඉතිං මේ ගෑනු ලමයා මගේ යාලුවට msg කරනවානේ වැඩිපුරම කරන්නේ රෑට තමයි. මගේ යාලුවයි මායි නිදාගන්නේ එකම ඇදේ ඉතිං මට දැනෙනවා මගේ යාලුවගේ 4න් එක වයිබ්රේට් වෙනවා.
දවසක් මගේ යාලුවට හොදටම නින්ද ගිහින්. 4න් එකත් වයිබ්රේට් උනා මටත් ආසයි බලන්න මොකක්ද කියලා. මං කවදාවත් කෙල්ලෙක්ගේ msg එකක් දැකලා තිබුනෙ නෑ. කල්පනා කරලා කරලා කමක් නෑ ඔන්න ඔහේ බලනවා කියලා හිතාගෙන බැලුවා. මං ඒ msg එක කියෙවුවා ඒ විතරක් නෙමී ඒකට උත්තරත් යැවුවා යාලුවා වගේ. එයාගෙන් ආයේ මං යවපු එකට උත්තරත් ආවා. මට ආස හිතුනා වැඩේ. එයා හිතන්නෙ එයාගේ යාලුවා එයාට msg කරනවා කියලා. මං ඔහොම කලා.
උදේ නැගිට්ටම යාලුවා ඇහුවා උඔ ඊයේ රෑ අරකිට msg කලාද කියලා. මං ඉතිං ඔවු කිවුවා.යාලුවා ඒකට මුකුත් කිවුවෙ නෑ.
ඉතිං මං ඊලග දවසෙත් යාලුවා නිදාගත්තම එයාට msg කලා. පස්සේ මට ඒක නැතුවම බැරි උනා. මගේ යාලුවට ග්ර්ල් කෙනෙක් ඉන්නවනේ. ඉතිං කමක් නෑ කියලා හිතලා මං හැමදාම msg කලා. දවසක් ඒ ග්ර්ල් දැනගත්තා මං msg කරන්නේ කියලා. එයා කැමති උනේ නෑ මට msg කරන්න. එයා මට බැන්නා.
ඇත්තටම මාත් බැන්නා හොදටම බැන්නා. නරක වචනෙනුත් බැන්නා. ඊට පස්සෙ එයා msg කලේ නෑ.
උදේ නැගිට්ටම යාලුවත් මට බැන්නා උබ මොනාද අරකිට කිවුවෙ කියලා. මට දුක හිතුනා ඇත්තටම මං කලේ වරදක් කියලා මට තේරුනා. මං ඊට පස්සෙ එයාගෙන් සමාව ගත්තා. එයා මට සමාව දුන්නා. ඉතිං ඊට පස්සෙ මං ආයේ shape එකේ msg කලා. දවස් මං එයාට DEAR කියලා කිවුවා අම්මෝ ඒකට එයාට හොදටම මල පැන්නා එයා ආයේ මට බනින්න ගත්තා. මං ආයේ සමාව අරගෙන එයාට ආයේ කවදාවත් ඒ වගේ වචන කියන් නෑ කියලා පොරොන්දු උනා.
මං දැනන් හිටියෙ නෑ මගේ යාලුවා කැමති නෑ කියලා මං ඒ ග්ර්ල්ට msg කරනවට. දවසක් මෙයා මට msg කරන්න එපා කිවුවා. මං msg කරන්‍වට එයා කැමති නෑ කිවුවා කියලා මගේ යාලුවා කිවුවා එයා කිවුවා කියලා. එදා මට මගේ යාලුවා ඉස්සරහම ඇඩුනා. ගොඩක් ඇඩුනා.
මගේ යාලුවා ඇහුවා ඒයි උබ ඒකිට ලවු කරනවද කියලා. මං මොනා කියන්නද කියලා හිතාගන්න බැරි උනා. ඇත්තටම මං එයාට ආදරේ කරන්න පටන් අරන් තිබුනේ. මං මුකුත් කිවුවෙ නෑ. යාලුවා තේරුම් ගත්තා මං එයාට ආදරෙයි කියලා.
යාලුවා එයාට කිවුවා මං එයාට ආදරේ කරනවා කියලා. එත් එයා කැමති නෑ කියලා තිබුනා. ඒත් කොහොමින් හරි යාලුවා එයාගෙන් කැමැත්ත ගත්තා. එදා තමයි මං ජීවිතේ වඩියෙන්ම සතුටු උන දවස..
DATE OF : 26/06/2008

