යාලුවා මට ගැහුවා

යාලුවා මට ගැහුවට පස්සේ


එදා මං මගේ ග්ර්ල් එක්ක දවසෙම බීච් එකේ හිටියා. දෙන්නා එක්ක ගොඩක් ඇඩුවා. ආයේ එයා එක්ක කිසිම යාලු කමක් තියාගන්න එපා කියලා මගේ ගර්ල් මට කිව්වා. මාත් ඔවු මං ආයේ කවමදාවත් මොනම හේතුවකටවත් එයාව මගේ යාලුවෙක් කරගන්නේ නෑ කියලා මං පොරොන්දු උනා.



මට දුක මං එච්චර දේවල් කරපු. මගේ ජීවිතේ එච්චර කැප කිරීමක් මං ඌ වෙනුවෙන් කරලා. අනතිමට මට ලැබුනු දේ. ඇත්තමයි ඒ දේ මට මතක් වෙනකොට ජීවිතෙත් එක්ක එපා වෙනවා. මොන දේ සිද්ද උනත් මගේ ගර්ල් මගෙත් එක්ක ඉන්න නිසා මං සතුටින් ඒ දුක අමතක කරලා ඉන්නවා.

යාලුවා මට එච්චර දෙයක් කරලත් නිකන් හිටියේ නෑ. ඊට ටික දවසකට පස්සේ  මං ඉස්කෝලේ ගියා. එදා මට ආරන්චි උනා මගේ හිටපු යාලුවා මගේ ගර්ල් ගැන නරක කතා කිය කිය යනවා කියලා කොල්ලෝ එක්ක. ඌ කියවා මගේ ගර්ල් එක්ක කලින් යාලු වෙලා හිටියෙ ඌලු ඊට පස්සෙලු මං දාගත්තේ. ඒකේ තරහටලු ඌ මට ගැහුවෙ. හ්ම්ම් කාට කියන්නද මේ අධමයා ගැන. මං කොල්ලෙක් විදිහට එහෙම දෙයක් ඌ මගේ යාලුවන්ටත් කිවුවම මට ඇතිවෙන හැගීම මොකක්ද. තේරුම් ගන්න පුලුවන්ද ඔයාලට...

හ්ම්ම් එදායින් පස්සේ හැමෝම මං ගැන වැරදියට හිතුවා. කමක් නෑ මං කාටවත් මුකුත් කියන්න ගියේ නෑ. එයාට කැමති දෙයක් මං ගැන කියපු දෙන් කියලා හිටියා ඉවසගෙන. ඒත් හිත යටින් මං හැමදාම අඩනවා. හැමදාම... හ්ම්ම් මාව විශ්වාස කරපු යාලුවොත් හිටියා මං ලග ඒ නිසා මට බයක් දැනුනේ නෑ. මට මගේ යාලුවා නැති උනා. ඒක ගැන මං දුක් වෙන් නෑ. ඌව එහෙම හරි නැති උන එක ගැන මං සතුටු වෙනවා.

මං ඒ ටික කාලෙට ජීවිතේ ගොඩක් දේවල් වින්දා. මේ බ්ලොග් එකේ ලියන්න බැරි දේවල් පවා වින්දා. ඒ හැමදේම මගේ ආදරේ නිසා. එත් මං කවදාවත් මගේ ආදරේ දාලා ගියේ නෑ. ආදරෙත් එහෙමයි. එයත් කවදාවත් මාව තනි කලේ නෑ. හැමදාම එකට හිටියා. අදටත් මං ගෙදරින් බැනුම් අහනවා මගේ ජීවිතේ මං අවුරුද්දක් පස්සට ගිය එක ගැන. ඒත් කමක් නෑ මං ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ යාලුවොත් එහෙමයි. පමනට වඩා ලං කරගත්තොත් විනාශේ තමයි.

එදා ඒ දේවල් වලින් පස්සේ යාලුවගෙන් ඒ තරම් පශ්න අපිට ආවේ නෑ. අවේ නැත්තෙමත් නෑ. පොඩි පොඩි සිද්ධීන් උනා. එය මගේ ගර්ල්ගේ පස්සෙන් ආවා ඒ වගේ කරදර ටිකක් උනා. ඒවා ඉතිං හැම එකක්ම මේකේ ලියන්න ඕනා නෑනේ..

සමහරක් විට මේ බ්ලොග් එක ඒ යාලුවා දැක්කොත් ආයේ පශ්නයක් දාන්න පුලුවන් මට. එක්කො පාරෙදි මට ගහයි. ඒත් මං බය නෑ මොකද මට මේ ඇත්ත හැමොටම කියන්න ඕනා. මේ දේ දන්න අය දන්නවා මං කවුද යාලුවා කවුද කියලා. ඒ අයට ඇත්ත දන්වන්නයි මට ඕනා උනේ. මං ඒ අයට කියන්නේ ඔයාලා මේ බ්ලොග් එක කියෙවුවනම්. ගොඩක් පරිස්සම් වෙන්න ඒ යාලුවා ගැන.

මං තරහා නෑ යාලුවව විශ්වාස කරලා මට කරදර ඇති කරපු කා එක්කවත්. ඕනා කෙනෙක් මා එක්ක කතා කරන්න ඒකේ කිසිම ගැටලුවක් නෑ. ඒත් මට අර බලු වැඩේ කරපු එකාටනම් කවදාවත් මගෙන් සමාවක් නම් නෑ.....

ස්තූති මගේ ආදරේ මේ් විදිහට කියෙවුවට.
දැන් වර්ථමානේ තත්වෙත් කියන්නම්කො මං මගේ ආදරේ ගැන.......
                                                                       
                                                       to be continued.........