අපේ ගෙදරින් දැනගත්තා

වැඩිකල් හංගන්න බැරි උනා


ඉතිං ඔහොම ඔහොම අපි ආදරෙන් හිටියා. යාලුවගෙන් කරදර ආවේ නෑ ඊට පස්සේ. අපි දෙන්නා ඉතිං පොඩි පොඩි වලි දාගත්තා. දන්නැද්ද ඉතිං ඒවා ආදරේට දාගන්න වලිනේ. එහෙම ඉතිං වලියක් නැත්තම් ඉතිං කිසි ගතියකුත් නෑනේ. හ්ම්ම් වැඩිකල් යන්න කලින්ම අපේ ගෙදරට ඕක මාට්ටු උනා. මාට්ටු උනා කිවුවට මාට්ටු උනා නෙමී. අපේ අම්මා මං මේ ආදරේ පටන්ගත්ත කාලේ ඉදලම මේක ගැන දැනගෙන ඉදලනේ. අපේ අම්මත් මාර වැඩකාරයනේ. FBI එකට යන්න තිබුනේ.

කොහොම හරි අම්මා මේක දැනගෙන. ඉතිං තවත් ඕක හංගන් ඉන්න එක තේරුමක් නෑනේ. ඉතිං මං දවසක් මගේ ග්ර්ට කිවුවා. මං අද අපේ අම්මව එක්කගෙන එනවා.ඔයත් එන්න මං ඔයාව අම්මට මීට් කරන්නම් කියලා. ඉතිං එයත් ආවා. මං අපේ අම්මට කිවුවේ නෑ ගර්ල් එනවා කියලා. ටවුන් එකට ආවට පස්සේ කිවුවා. අම්මා අර ගර්ල් එනවා කියලා. එතකොටත් එයා ඇවිල්ලා හිටියේ. එදා නම් මට එයාව වෙනදටත් වඩා ගොඩක් ලස්සනට පෙනුනා. මට තාම මතකයි. මං අදටත් ආසයි එයා ඒ ඇදන් හිටපු ඇදුමට. කොල පාට ටොප් එකයි. ඩෙනිම් එකයි. මාර ගති අප්පා. තව අතට දාන අර ප්ලාස්ටික් ගැජමැටික් එකකුත් දාලා තිබුනා ටොප් එකේ පාටට. එදා එයා සුදුම සුදුයි මට නිකං අදුනගන්නත් බැරි උනා. ෂෝක් අප්පා.

ඉතිං එයා ආවා අම්මයි මායි ලගට. පාරේ කතා කරන්න බෑනේ. මං අම්මට කිවුවා කැපේf එකකට යමු ගිහින් මොනා හරි බොන ගමන් කතා කරමු කියලා. ඉතිං මං එක්කන් ගියා. මායි ගර්ල්ලුයි නිතරම යන තැනකට. ඉතිං අම්මවයි එයාවයි වාඩිකරවලා මං ඇවිත් බොන්න අයිස් කොපිත් ගත්තා. මං ඒවා අරගෙන එනකොට දෙන්නා හොද කදේ දාගෙන ඉන්නා. හ්ම්ම් ඉතිං හොදට අම්මා එයත් එක්ක කතා කලා. අම්මලගේ අකමැත්තක් නෑ කිවුවා. එවෙලෙ මට දවල් තරු පෙනුනා. මාර සතුටක් අප්පා දැනුනේ. ඒත් ටික වෙලාවක් යනකොට ඒ කඩේ වැඩ කරන්න හිටපු ඇනටිලා අපි දිහා බලලා හිනාවෙන්න ගත්තා. මොකෝ අපි නිතරම එහේ යනවනේ. අපේ අම්මත් ඕක දැක්කා. එකපාරට අම්මා ඇහුවා මෙහෙ නිතරම එනවා වගේ කියලා. අපි දෙන්නටම හිනාගියා. ඉතිං අම්මා දැනගත්තා වැඩේ ඇත්ත තමයි කියලා.



ඉතිං ඔහොම කතා කර කර ඉදලා එන්න පිටත් උනා. එනකොට මගේ ගර්ල් කඩේ මද්දේදි අපේ අම්මට වැන්දා. එල අප්පා. එතකොට තවත් වැඩේ එලනේ. ඊට පස්සේ ඉතිං කට්ටිය එතනින් සතුටින් විසිර ගියා. අම්මා ඉතිං එයා ගියාට පස්සේ එයාලගේ විස්තර ඇහුවා. ඉතිං මං හැමදේම කිවුවා. අම්මගෙන් අකමැත්තක් තිබුනේ නෑ. එදා ඉතිං අපි ගෙදර ඇවිල්ලා මායි ගර්ලුයි ඒ ගැනම කියව කියව මල් කඩ කඩ හිටියා. එදත් මං ජීවිතේ ගොඩක් සතුටු වෙච්ච දවසක්.