27/06/2008

ආදරේ කියා දැනගත් පසු


කලින් දවසේ මට ආදරේ කියලා කිවුවට පස්සේ මට ඉතිං රජ මගුල් තමයි. මගේ පලවෙනි කුලුදුල් ආදරේ.
එකෙන්ම මං හිතාගත්තා මං මෙයාට ඇත්තටම ආදරෙයි කවදා හරි බදිනවා නම් බදින්නේ මෙයාව විතරමයි කියලා.

හ්ම්ම් මං ආදරෙයි කියලා කිවුවට මොකද මං කවදාවත් එයාව දැකලා නෑ එයත් එහෙමයි කවදාවත් මාව දැකලා නෑ. ඉති දවසක් ලෑස්ති කරගත්තා meet වෙන්න. ක්ලාස් දවසක්. ක්ලාස් කට් කරලා මගේ යාලුවයි මායි බලං ඉන්නවා එයා එනකම්. මගේ යාලුවා කියලා තියෙන විදිහට එයා කැතයි මහතයි මුහුන පුරාම කුරුලෑ තියෙන කෙනෙක්. ඒත් කමක් නෑ එයා එනකම් මං හිටියා. එයා ඔන්න බස් එකෙන් බැහැලැ එනවා. යාලුවා කිවුව විදිහ හරි ටිකක් මහතයි. ඒත් ඒ මහත කැත නෑ. එයා ආව එයා කිවුවා ඉස්කොලෙට ගිහින් එන්නම් කියලා. අපිත් හා කිවුවා.

මට හරි සතුටුයි කියපු තරම් එයා කැතත් නෑ. එයා එනකම් අපි බලං හිටියා. එයා ටිකකින් කෝල් එකක් දුන්නා කොහේද යන්නේ කොහේ ඉදන්ද කතා කරන්නෙ කියලා ඇහුවා. එයා ඇවිල්ලා හිටියෙත් යාලුවෙක් එක්ක. එයාගේ යාලුවයි මගේ යාලුවයි නියනවා beach යන්න කියලා. ඒත් අපි කවදාවත් එහෙම ගිහිල්ලා නෑනේ බයයි යන්න. හ්ම්ම් එයා කිවුවා ලග පන්සලක් තියෙනවා එහෙට යමු කියලා. මාත් හා කිවුවා. ඉතිං කට්ටියම පන්සලට ගියා. යාලුවො දෙන්නා මග නැවතුනා අපි ගියා. ඒත් වැඩේ කියන්නෙ මට කතා කරන්න බෑනේ. බයයිනේ.

ඒත් කොහොම හරි වචන ගැටගහගෙන කතා තලා. ඒ මං කෙල්ලෙක් එක්ක කතා කරපු පලවෙනි පාර මූණට මූණ බලාගෙන. ටික වෙලාවක් යනකොට පන්සලේ ඉන්න ඇබිත්තයා ආවා එයා කෑගැහුවා මෙතන ඉන්න බෑ යන්න කියලා. ඉතිං අපි එන්න ආවා. ඒ තමයි අපේ පලවෙනි හමුවීම.
එදා ගොඩක් සතුටෙන් ගෙදර ආවා. දැන් මටයි මගේ යාලුවටයි දෙන්නටම ගෑණු ලමයි ඉන්නවා.. ඔහොම ආදරේ කලා ටික කාලයක්. ඒත් දවසක් සගේ යාලුවගේ ග්ර්ල් එයා එක්ක තරහ උනා. යාලුවා ඒකට ගොඩක් දුකෙන් හිටියේ. මාත් දුක් උනා ඒකට.

අන්තිමට මං යාලුවගේ හිත අමාරුවෙන් හැදුවා. හ්ම්ම්ම් ඒත් එයා ගොඩක් දුකින් හිටියෙ ඒ මොකද එයා එයාගේ ඇග හැම තැනම බ්ලේඩ් වලින් කපාගෙන තියෙනවා මං දැක්කා. මටත් ඒවා නවත්තන්න බැරි උනා.ටික දවසක් යද්දි ඒක මග ඇරිලා එයා සාමාන්‍ය තත්වයට ආවා.

ඔන්න ඔහොම දැන් හැමදේම හොදින් සිද්ද උනා. ඒත් එක දවසක් මගේ ග්ර්ල් මට කියනවා. මං දෙයක් කියන්න පශ්න දාගන්න එපා ඔයා. මට පොරොන්දු වෙන්න පශ්ණ දාගන්නේ නෑ කියලා කිවුවා. මාත් හරි හරි එහෙම මුකුත් නෑ මං පොරෙන්දු වෙනවා කියලා කිවුවා. ඊට පස්සේ මගේ ග්ර්ල් මට කියනවා. මගේ යාලුවා එයාට කැමති මාව අත ඇරලා එයා එක්ක යාලුවෙන්න කියලා කිවුවයි කියලා මට කිවුවා. මට එවලේ දවල් තරු පෙනුනා.

මං ඒ දේ මගේ යාලුවගෙන් ඇහුවා. එයා බිම බලාගෙන ඔවු මං එහෙම කිවුවා කියලා පිලිගත්තා. මං ඊට පස්සේ උට කිවුවා ඇයි බං එහෙම කරන්නෙ උබ මට ඕක කලින් කවුවනම් ඉවරනේ. මට මගේ යාලුකම වටිනවා අනිත් හැමදේටම වඩා. මට ඔය කෙල්ලො වැඩක් නෑ. මට ඊට වඩා අපේ යාලුකම වටිනවා කියලා කිවුවා. ඊට පස්සේ උ ඇඩුවා. මං මගේ ග්ර්ල් එක්ක තරහ උනා මට ඕනා උනා මගේ යාලුවවයි එයාවයි යාලු කරන්න. මොකද මට අනිත් හැමද්ටම වඩා යාලුකම වටින නිසා.

ඒත් මං ඕනකමින් මගේ ග්ර්ල් එක්ක තරහ උනා කියලා යාලුවා දැනගත්තා. උ මට හොදටම බැන්නා. බැනලා බැනලා ආයේ අපි දෙන්නව යාලු කලා. හ්ම්ම් ඊට දවස් දෙක තුනකට පස්සේ උ මට ලියුමක් දුන්නා මගේ ග්ර්ට දෙන්න කියලා. මං ඒ ලියුම දිග ඇරලා බැලුවාග ඒක ලේ වලින් ලියලා තිබුනේ. ඒකේ තිබුනේ මගේ ග්ර්ල්ට මගෙත් එක්ක හැමදාම සතුටින් ඉන්න කියලා. මං ඒක ග්ර්ල්ට දුන්නා.

එයා ඒක ගන්න කැමති උනෙත් නෑ මං බලෙන්ම දුන්නා. මං දැනන් හිටියෙ නෑ මගේ යාලුවා මගෙත් එක්ක තරහෙන් ඉන්නේ කියලා. ඒක දනගත්තේ මං ගොඩක් පහු වෙලා. එතකොට මං ගොඩක් පරක්කුයි.